දිට්වා සුළි කුණාටුව නිසා ඇති වුණ තත්වයන් පිළිසකර කිරීම පිණිස රුපියල් බිලියන 500ක් යෙදවීමට රජයට සිදු වූ නිසා මෙම වසරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
යාපනය දිස්ත්‍රික්කයේ ජවිපෙ පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ ඔහු මේ බව කියා සිටියේ ය. තමන් සල්ලි නැතුව ඡන්ද කල් දැමූ රටක් යහපත් තත්වයකට ගෙනා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.
පළාත් සභා ඡන්දය කල් යන්නේ රනිල් වික්‍රමසිංහ යුගයේ පළාත් සභාව පැවැත්වීම පිණිස තිබු නීතිමය ක්‍රියාමාර්ග අවුල් වීම නිසා බවද ඔහු අවධාරණය කළේ ය.






