තමන් පිල්ලෙයාන් බලන්නට ගිය බවත්, එය තාප්පයෙන් පැන ගිය ගමනක් නොවන බවත් ගේට්ටුවෙන් ගිය ගමනක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ කියා සිටියේ ය.
ඔහු මේ බව ඊයේ (24) දිනයේ පානදුරයේදී පැවැති නුදුරු අනාගතයට නාමල් රැස්වීමේදී පවසා සිටි අතර තමා පිල්ලෙයාන් හමුවීමට ගිය බව සොයා ගැනීමට ප්‍රංශයට ගොස් ඇති බවද කී නාමල් ඡන්ද පැවැත්වීම ගැන කොහෙවත් පක්ෂයක ලේකම් කෙනෙකු පැවසීම හෙළා දුටුවේ ය.






