ප්‍රකාශයක් ලබා දීමට තලංගම පොලිසිය වෙත පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගැනුණු හිටපු ඇමැති විමල් වීරංවශ සහ තවත් සැකකරුවෙකු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත නිදහස් කර තිබේ.
මැයි 18 වැනිදා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අබියස රාජ්‍ය නිලධාරීන් සමඟ ඇතිවූ නොසන්සුන් තත්ත්වයට අදාළව අත්අඩංගුවට පත් හිටපු ඇමැතිවරයා සහ තවත් සැකකරුවෙකු රු. ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.






