/ May 25, 2026

දිට්වා වන්දියෙනුත් ගසා කෑ බවට සැක 3ක් රිමාන්ඩ්!

දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් වූවන් වෙනුවෙන් රජයෙන් ලබා දෙන වන්දි මුදලෙන් රුපියල් ලක්ෂයක් සහ රුපියල් ලක්ෂ 10ක් අල්ලස් ගත් බවට චෝදනා ලද මොණරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලායේ ආපදා සහන නිලධාරී මොනරාගල සිත්තම්පරම් ග්‍රාම සේවා නිලධාරී සහ තවත් සිවිල් පුද්ගලයෙකු ජුනි 9 දක්වා රිමාන්ඩ් බන්ධනගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මොණරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු ආපදා සහන සේවා නිලධාරි වීරසිංහ රාජේන්ද්‍ර සුමිත් වීරසිංහ , තණමල්විල ග්‍රාම සේවා නිලධාරී නිමල් වලිසුන්දර හා සිවිල් පුද්ගලයෙකු වූ කෘස් වින්සන්ට් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

මෙම නඩු දෙක අල්ලස් කොමිසම විසින් පවරා තිබුණි. අල්ලස් කොමිසමේ කරුණු දැක්වීම අනුව ආපදා සහන නිලධාරියා දිට්වා ආපදා වන්දි ලක්ෂ 20ක පළමු වාරිකය ලබා දීමකදි මෙලෙස රුපියල් ලක්ෂයක අල්ලසක් ලබා ගෙන තිබේ. අනෙක් වාරිකවලදී ද තවත් ලක්ෂ 10ක මුදලක් ඉල්ලා තිබේ.

ග්‍රාම සේවා නිලධාරී හා සිවිල් සැකකරුට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම කරුණු දක්වමින් කියා සිටියේ වන්දි මුදලේ පළමු වාරිකය වන රුපියල් ලක්ෂ විස්ස ලබාදීමේදී රුපියල් ලක්ෂ දහයක අල්ලසක් ලබා ගැනීමට සැකකරුවන් කටයුතු කර ඇති බවයි.

සැකකරුවන් වෙනුවෙන් ඇප ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප කළ අධිකරණය මෙලෙස ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top