ලංකාවේ සුනඛ ගහණය මේ වන විට ලක්ෂ 30ක සීමාව වෙත ළඟා වෙමින් ඇති බව වාර්තා වේ. දළ වශයෙන් මෙරට දිවි ගෙවන සෑම මිනිසුන් 8 දෙනෙකුට ම සුනඛයෙකු බැගින් සිටින තත්වයක් ඇති බව ජාතික ජලභීතිකා මර්දන ව්‍යාපාරය පවසයි.
එම ව්‍යාපාරයේ අධ්යක්ෂ වෛද්‍ය නිරෝෂන් ගමගේ පවසන්නේ ලංකාවේ ජලභීතිකා මරණ 99%ක්ම සුනඛ සපාකෑම් නිසා සිදුවන බවයි.කෙසේ වෙතත් පසුගිය වසරේ ජලභීතිකාව හේතුවෙන් මරණ 25ක් සිදුව ඇති බවද ඔහු අවධාරණය කළේ ය.
සුනඛයන් සහ අනෙකුත් සතුන් සඳහා එන්නත් වෙනුවෙන් රුපියල් බිලියන 2.5ක් ද සපාකෑම් වෙනුවෙන් එන්නත් සඳහාද වශයෙන් මුළු මුදල වසරකට රුපියල් බිලියන 5ක් බවද ඔහු සඳහන් කළේ ය.






