මීගොඩ මංසන්ධියේ දන්සලක් ආසන්නයේ දී සිදු වූ මාරක රිය අනතුරට සම්බන්ධ කැබ් රථයේ හිමිකරු වෙත විදේශ ගමන් තහනමක් පැනවීමට හෝමාගම මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
එමෙන්ම රිය අනතුර සිදු අවස්ථාවේ කැබ් රථයේ එහි හිමිකරු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු සිට ඇති අතර අනතුරෙන් පසු ඔවුන් පළා ගොස් තිබේ.
මේ පිරිස සොයා පොලිස් කණ්ඩායම් 6ක් විමර්ශන ආරම්භ කර ඇත. පසුගිය 31 වැනිදා සිදුවූ මේ මාරක රිය අනතුරෙන් 6 දෙනෙකු මරණයට පත් විය.






