2011 වසරේ මානව හිමිකම් දිනය දා අතුරුදන් කරනු ලැබූ ලලිත්කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් සම්බන්ධයෙන් වන නඩු විභාගය වෙනුවෙන් මාර්ගගත ක්‍රමයට සාක්ෂි ලබා දීමට හිටපු ජනපති – හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත අවසර ලබා දීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ.
අතුරුදන් වූවන්ගේ ඥාතීන්ගේ උද්ඝෝෂණය සංවිධානය කළ මේ දෙදෙනා අතුරුදන් කෙරුණු අතර 2012 වසරේ සැප්තැම්බර් මස 19 වෙනිදා සිට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේදී නඩු විභාග ආරම්භ විය. නඩු විභාග අතරතුර, 2017 වසරේදී සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් විය.
නඩුව වෙනුවෙන් සාක්ෂි ලබා දීමට ආරක්ෂාව හේතුවෙන් යාපනයට පැමිණිය නොහැකි බව හිටපු ජනපතිවරයා දිගින් දිගටම දන්වා සිටි අතර මේ අනුව මාර්ගගත ක්‍රමය ඔස්සේ සාක්ෂි ලබා දීමට අවසරය ඔහු වෙත ලබා දී තිබේ.






