/ Jun 04, 2026

අඩු වුණු බෙහෙත් මිල යළි ඉහළට!

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීමත් සමග ඖෂධ මිල ගණන් ද ඉහළ දැමීම කෙරෙහි අවධානය යොමුව ඇති බව ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

ඊට අදාළ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින අතර ඒ අනුව ආනයනික ඖෂධ සහ දේශීයව නිෂ්පාදනය කෙරෙන ඖෂධවල මිල ගණන් ඉහළ දැමීමට අවශ්‍ය මුලික කටයුතු සැලසුම් කර ඇති බව එම අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

ගැසට් පත්‍රයක් මඟින් උපරිම සිල්ලර මිලක් නියම කර ඇති ඖෂධ කාණ්ඩ 60ට අදාළ මිල ගණන් ද ඉහළ දැමීම සිදුකිරීමට නියමිත දැක්වෙයි.

කෙසේවෙතත් සියලුම ඖෂධවල මිල වැඩි නොවන බවද විජේවික්‍රම මහතා කියා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top