/ Jun 04, 2026

අඟුරුවාතොට සෙනෙහසේ කැදැල්ල ගින්නෙන් සම්පූර්ණයෙන් දැවෙයි. 11ක් මරුට!

අඟුරුවාතොට බටගොඩ ප්‍රදේශයේ පිහිටි මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඊයේ (3) පස්වරුවේ ඇති වූ ගින්න හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

එහිදි තුවාල ලැබු 7දෙනෙකු මේ වන විට හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබන අතර 51ක් නිරුපද්‍රිතව බෙර ගෙන තිබේ.

ගිනිනිවීමේ භටයින් සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති නමුත් ගින්නෙන් එම මධ්‍යස්ථානයට විශාල ලෙස හානි සිදුව ඇති බව වාර්තා වෙයි.

ගින්න ඇති වන අවස්ථාවේ අදාළ මධ්‍යස්ථානය තුළ පුද්ගලයින් 72 දෙනෙකු පමණ සිට ඇති බවද වාර්තා වෙයි.

පෞද්ගලික ආයතනයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති එම මධ්‍යස්ථානය තුළ මානසික ආබාධ සහිත පුද්ගලයින් ද සිට ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් අද (04) පෙරවරුවේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව මළ සිරුරු අදාළ ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.

කෙසේවෙතත් ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධියට ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top