/ Jun 04, 2026

මැණික් මල්ලේ නඩුව:නිදහස් කරන ලෙස යෝෂිත අභියාචනාධිකරණයෙන් ඉල්ලයි!

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව ගොනුකර තිබෙන ‘කුමන්ත්‍රණය’ නැමති චෝදනාව පවත්වාගෙන යා හැකි බවට කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝගයක් බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ විසින් ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබාදී තිබේ.

ඒ අනුව, පෙත්සම විභාගය සඳහා ජුනි 16 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර ඇත.

අදාල නඩුව නීතිපතිවරයා විසින් පවරා තිබුණේ තමන්ට සහ ඩේසි ෆොරස්ට් යන දෙදනාටම බවත්, නඩුවෙන් ඩේසි ෆොරස්ට් නිදහස් කර ඇති බැවින් තමන්ද නිදහස් කරන ලෙසයි යෝෂිත රාජපක්ෂ ඉල්ලා සිටින්නේ.

ඩේසි ෆොරස්ට් අදාල නඩුවෙන් නිදහස් කර ඇත්තේ නඩුවට පෙනී සිටීම සදහා සුදුසු මානසික තත්ත්වයක නොමැති වීම හේතුවෙන් බව නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට පවසා තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top