/ Jun 04, 2026

අඟුරුවාතොට ගිනිගත් “සෙනෙහසේ කැදැල්ල” ලියාපදිංචි නැති තැනක්!

ඊයේ (03) දිනයේ ඇති වූ දරුණු ගින්නෙන් 12 දෙනෙකු මිය ගිය අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි “සෙනෙහසේ කැදැල්ල” නම් වැඩිහිටි මධ්‍යස්ථානය ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර නොමැති එකක් බව ලංකාටයිම්ස් කළ විමසුමකදී තහවරු විය.

අනතුර සිදුවන අවස්ථාවේදී මෙම වැඩිහිටි නිවාසයේ පුද්ගලයන් 72 දෙනෙකු නවාතැන් ගෙන සිට ඇති අතර ගින්න හටගත් අවස්ථාවේදීම පුද්ගලයන් 10 දෙනෙකු ගොඩනැගිල්ල තුළදීම පිළිස්සී මියගොස් ඇතැයි පැවසේ.

තුවාල ලැබූ තවත් පුද්ගලයන් 6 දෙනෙකු මේ වන විට හොරණ මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

ගින්නෙන් බේරුණු වැඩිහිටි නිවාසයේ සිටි 50 දෙනෙකු පමණ ඊයේ රාත්‍රියේ බටගොඩ කනිෂ්ට විද්‍යාලයේ තාවකාලිකව නවාතැන් ගන්වා තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top