/ Jun 06, 2026

ගේට්වේ නඩුවේ ගොනුවක් අතුරුදහන්: වෛද්‍ය තුෂ් වික්‍රමනායකගෙන් පොලිසියට චෝදනාවක්

මීගමුව ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබමින් සිටි තම දියණිය ළමා කෲරත්වයට පත් කර ඇති බවට පවතින නඩුවකට අදාළව මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ තිබූ ගොනුවක් අතුරුදන්ව ඇතැයි වෛද්‍ය තුෂ් වික්‍රමනායක චෝදනා කරයි.

2018 වසරේදී වූ මෙම සිදුවීමේදී සිදුව පොලිස් ස්ථානාධිපතිවරයා නිසි පරිදි විමර්ශන නොකිරීම සම්බන්ධයෙන් තමා සාක්ෂි ලෙස ලබා දුන් දුරකතන සංවාද ඇතුළත් සීඩී තැටි දෙකක් මෙසේ අතුරුදන්ව ඇතැයි ඇය කියයි.

අදාළ පැමිණිල්ල විමර්ශනයේදී ගේට්වේ විදුහල් පාර්ශවයෙන් තමාට බලපෑම් වූ බව සිදුව පොලිස් ස්ථානාධිපතිවරයාද එක් අවස්ථාවක සාක්ෂි දුන් බව වෛද්‍යවරිය පවසයි.

පසුව අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා අවවාද පත්‍රයක්දී ස්ථාන මාරු කොට තිබූ බවද ඇය කියයි.

ගේට්වේ හිමිකරුගේ සොහොයුරා වන හිටපු පොලිසිය භාර ඇමති ටිරාන් අලස් තම දේශපාලන බලය භාවිත කර මීට අදාළව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ පැමිණිල්ල සම්බන්ධයෙන් එහි සභාපතිවරුන්ගෙන්ද කරුණු විමසා තිබූ බවට තොරතුරු වාර්තා වී ඇතැයි වෛද්‍ය වික්‍රමනායක පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top