මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමන් වෙත ලැබී ඇති බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය යටතේ මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබූණි.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ පනත් කෙටුම්පතේ 14 වන වගන්තියෙන් යෝජිත 12(අ) වගන්තිය හැර සෙසු සියලු විධිවිධාන පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවයි.






