/ Jun 10, 2026

තරුණයින් 11ක් අතුරුදහන් කිරීම: හිටපු හමුදාපති සැකකරුවෙක් ලෙස නම් කරයි!

තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේදී හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න සැකකරුවෙකු ලෙස නම් කර තිබේ.

2008 වසරේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවේ සැකකරුවෙකු වන හිටපු ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චිට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් වූ නඩුවේ තුන්වන සැකකරු ලෙස හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න නම් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරන ලද කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් මෙම නම්කි රීම සිදු වූ අතර මීළඟ නඩු දිනය වන ජුලි 22 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසද සැකකරුට සිතාසි නිකුත් කර ඇත.

එම අතුරුදහන් වූ තරුණයින්ගේ පවුවල ඥාතීන් විසින් වසර ගණනාවක් මුළුල්ලේ යුක්තිය අපේක්ෂාවෙන් නීතිය හමුවේ අහිමුඛව පසුවෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top