/ Jun 10, 2026

අපනයන ඉපයීම් රීති සංශෝධනය කරමින් මහබැංකුවෙන් අතිවිශේෂ ගැසට්ටුවක්!

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා වන විට රුපියල් බවට පත් කරගත යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ,ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ “2026 අංක 02 දරන අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති” සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි.

ඒ අනුව, වක්‍ර භාණ්ඩ හා සේවා අපනයනකරුවන්ට විදේශ මුදලින් ගෙවීම් කිරීම සම්බන්ධයෙන් ද විධිවිධාන හඳුන්වා දී ඇති අතර, එම ආදායම්වලින් අවසරලත් ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව ඉතිරි මුදල ද එළැඹෙන මාසයේ 10 වැනි දිනට පෙර රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්යය කර ඇත.

මීට පෙර අදාළ කාලසීමාව සඳහන්ව තිබුණේ ‘අවසරලත් ගෙවීම් සිදුකිරීමෙන් පසු, ශේෂය එකී ආදායම ලද මාසය ද ඇතුළුව ලිත් මාස තුනක් (03) ඉකුත් වීමෙන් පසුව එළැඹෙන මාසයේ දහවන දින (10නි) හෝ ඊට ප්‍රථම’ යනුවෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top