පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රකාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ලෙස පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.






