/ Jun 10, 2026

සලේ වෙනුවෙන් ඇරඹි සත්‍යග්‍රහය අවසන්!

පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකරන ලද විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේට සහය දක්වමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග්‍රහය නැවැත්වීමට තීරණය කර තිබේ.

පසුගිය (08) වනදා විපක්ෂයේ කණ්ඩායම් කිහිපයක විසින් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේය.

එම සත්‍යග්‍රහය අවසන් කිරීමට හේතුව ලෙස සංවිධායකයින් පවසා තිබෙන්නේ සුරේෂ් සලේ අත්අඩංගුවේදී වද හිංසාවලට භාජනය වී තිබේ දැයි පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පංච පුද්ගල විශේෂඥ මානසික අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමට කරන ලද නියෝගයයි.

ඒ අනුව එම පංච පුද්ගල විශේෂඥ මානසික අධිකරණ වෛද්‍ය මණ්ඩලය පත් කර තිබෙන අතර කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම නියෝගය ලබාදී තිබුණි.

එම වෛද්‍ය පරීක්‍ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී සිදු කරන ලෙසත් නියෝග කර ඇත.

එම වෛද්‍ය වාර්තාව මීළඟ නඩු දිනයේ අධිකරණය ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top