/ Jun 11, 2026

ඉරානය හෝමූස් සම්පූර්ණයෙන් යළි වසා දමයි. බොර තෙල් මිලත් යළි ඉහළට!

ඇමරිකාව විසින් ඉරානයට නැවතත් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊට ප්‍රතිචාර වශයෙන් ලෝක බලශක්ති ප්‍රවාහනයේ ප්‍රධානතම මර්මස්ථානයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබුණේ ඉරානයේ නොමග යවන සුළු සහ ආක්‍රමණශීලී ක්‍රියාමාර්ග හේතුවෙන් අමෙරිකාව යළි ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බවයි.

කෙසේවෙතත් දෙපාර්ශවයට තවමත නිසි එකඟතාවකට පැමිණීමට ඇති නොහැකියාව මින් නැවතත් පෙන්නුම් කර ඇත.

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දැමීමත් සමඟ නැවත වටයකින් ලෝක බොරතෙල් මිල ඉහළ ගොස් තිබේ.

කෙසේවෙතත් අමෙරිකානු මධ්‍යම අණදෙන නිලධාරියා ප්‍රකාශ කර ඇත්තේ වාණිජ යාත්‍රා උපායමාර්ගික ජල මාර්ගය හරහා ගමන් කිරීම අඛණ්ඩව සිදු කරන බවයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (11) දිනයේදී එක් බැරලයක මිල ඩොලර් 2 කට වඩා වැඩි ප්‍රමාණයකින් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, ජාත්‍යන්තර දර්ශකයක් වන බ්‍රෙන්ට් තෙල් මිල 2.47% කින් (ඩොලර් 2.30 කින්) ඉහළ ගොස් බැරලයක් ඩොලර් 95.40 ක් ලෙස සටහන් ව ඇති අතර, අමෙරිකානු WTI තෙල් මිල 2.89% කින් (ඩොලර් 2.60 කින්) ඉහළ ගොස් බැරලයක් ඩොලර් 92.63 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top