පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
ඒ අනුව මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (13) පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මක බව දැනුම් දෙයි.
එම අනතුරු ඇඟවීම් නිවේදනය අනුව කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ අගලවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක සඳහාත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, පැල්මඩුල්ල, ගොඩකවෙල, ඇලපාත, කලවාන, රත්නපුර සහ නිවිතිගල යන ප්‍රාදේශී්‍ය ලේකම් කොට්ඨාස සඳහාත් අදියර 1 යටතේ විමසිලිමත් බවින් සිටින ලෙස දන්වා යාවත්කාලීන කර ඇත.






