/ Jun 15, 2026

සුබ පුවත පැමිණේ : ඉරාන – ඇමරිකා සාම ගිවිසුමට දින නියම වෙයි!

ඉරාන – ඇමරිකා සාම ගිවිසුම ජුනි 19 (සිකුරාදා) වැනි දින ස්විට්ස්ර්ලන්තයේ ජිනීවාහිදී අත්සන් තැබීමට නියමිත බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි (Abbas Araghchi) පවසා තිබේ. ඇමරිකානු ජනපති ට්‍රම්ප්ද මේ බව තහවුරු කර තිබේ.

මේ හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත වනු ඇති අතර ලොව පුරා පැතිරී තිබෙන ආර්ථික ආතතියද පහව යනු ඇත.

පසුගිය පෙබරවාරි 28 වැනි දින ඇමරිකාව විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව යුද ගැටුම ආරම්භ වූ අතර ඇමරිකාව ගණන් බැලූ ලෙසින් ඉතා ඉක්මනින් යුද්ධය අවසන් නොවීය. මේ ගිවිසුම අත්සන් කරන දින වන විට යුද ගැටුමට දින 111ක් සම්පූර්ණ වෙයි.

ඇමරිකාව විසින් ප්‍රහාර එල්ල කර ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමෙයිනි මරා දැමූ පසු ඉරානයේ පාලනයට දුර්වල කිරීමට ඇමරිකාව අපේක්ෂා කළද වඩා එක්සත් වී ගැටුමට මුහුණ දීමට ඉරාන ජනයා තීරණය කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top