/ Jun 14, 2026

කාන්තාවන් දෙදෙනෙක් අසාද් සාලිව මුළා කරලා : අධිකරණයේදී එළියට ආ කතාව!

පසුගිය 11 වැනි දි කොළඹ මහාධිකරණයේදී විභාගයට ගත් නඩුවකදී තිළිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන යන අයට එරෙහි අධිචෝදනා භාර දෙනු ලැබුවේ කලක් ආණ්ඩුකාරවරයෙකු ලෙසද කටයුතු කළ අසාද් සාලි මහතාව මුළා කරමින් රුපියල් මිලියන 80ක මුදලක් වංචා කිරීමේ චෝදනාවටයි.

මෙහිදී ඇප මත නිදහස ලබා සිටි විත්තිකාරියන් දෙදෙනා ද අධිකරණයේ පෙනී සිටියහ. විත්තිකාරියන්ගේ ව්‍යාපාරික කාර්යාලය කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටුවා තිබීමත්, ඔවුන් අධික මිලකින් යුත් සුඛෝපභෝගී වාහන පරිහරණය කිරීමත් හේතුවෙන් කිසිදු සැකයකින් තොරව තමා මුදල් ලබා දුන් බව හිටපු ආණ්ඩුකාරවරයා සාක්ෂි දෙමින් පවසා සිටියේ ය.

තමන් මීට පෙර නිවාස හා දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ නිරත වෙමින් විශාල ලාභයක් උපයා තිබූ නමුත්, මෙම කාන්තාවන් දෙදෙනාගේ ව්‍යාපාරික කටයුතුවල මුදල් ආයෝජනය කිරීම නිසා තමන් සම්පූර්ණයෙන්ම විනාශයට පත් වූ බව අසාත් සාලි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අසාද් සාලි නමැති අයගෙන් රුපියල් කෝටි 8ක් ලබා ගෙන ඒ වෙනුවෙන් අගරු චෙක්පත් ලබා දීම සම්බන්ධයෙන් විත්තිකාරියන්ට එරෙහිව නඩුව ක්‍රියාත්මක වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top