වත්මන් රජය මඟින් ලබාදෙන ඉන්ධන සහනාධාරය මෙම ජූනි මාසය අවසානයේදී අවසන් වීමට නියමිත අතර එය ඉදිරියට පවත්වාගෙන යන්නේද යන්න තීරණය කරනුයේ ජාත්‍යන්තර මිල ගණන් සහ ලෝක ප්‍රවණතා විශ්ලේෂණය කිරීමෙන් පසුව බව නිලධාරීන් පවසා තිබේ.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා කළ විමසීමකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය මහා භාණ්ඩාගාර ලේකම් ඒ.කේ. සෙනෙවිරත්න සඳහන් කර ඇත්තේ, වත්මන් වියදම් මට්ටම අනුව ඩීසල් ලීටරයකට රුපියල් 100ක් සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක් ලෙස දෙන සහනාධාර ප්‍රතිපාදන මේ මාසයෙන් අවසන් වන බවයි.
ඒ අනුව සහනාධාරය පිළිබඳ අවසන් තීරණය ජූනි මාසය අවසානයේදී ගැනීමට නියමිතයි.
කෙසේවතත් මේ වන විට ඇමරිකාව සහ ඉරානය සාම ගිවිසුමකට එකඟ වී තිබීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළ බැස තිබේ.
බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 83.91 දක්වා පහත වැටී ඇති අතර ඇමරිකාව විසින් අලෙවි කරන WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 80.89 දක්වා පහළ වැටී ඇති බව දැක්වෙයි.






