/ Jun 15, 2026

අපිට ශක්තිය තියෙනවා, බලය දෙන්න කරලා පෙන්වන්නම් – මහින්ද

මේ වනවිට රටේ ජනතාව ජීවත් වන්නේ ඉතාම අසීරුවෙන් වන අතර ජනතාවට එදා වෙලා කෑමට හැකි තත්ත්වයක් ඇතැයි තමන් නොසිතන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසුවේය.

කෙසේවෙතත් ජනතාව මුහුණ දී සිටින මෙම තත්ත්වයෙන් මුදා ගැනීමට තමන් අතුලු පිරිසට හැකි බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

”බොහොම අමාරුවෙන් ජීවත් වෙන ජනතාවක් අද රටේ ඉන්නේ. ජනතාවගේ පැත්තෙන් මම හිතන්නේ නැහැ එදා වෙලා කන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියල. අපිට ශක්තියක් තියෙනවා. අපිට බලය දෙන්න අපි කරලා පෙන්වන්නම්” යනුවෙන් ඔහු ප්‍රකාශ කරන ලදී.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (13) කළුතරදී පැවති වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top