/ Jun 22, 2026

ට්‍රම්ප්ගේ කට කැඩිච්චි කතාවක් නිසා රාජ්‍යතාන්ත්‍රික අවුලක්!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලොනි සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මත ගැටුමක් වර්ධනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

පසුගියදා පැවති ජී 7 රාජ්‍ය නායකයින්ගේ හමුව අතරතුර ඉතාලි අග්‍රාමාත්‍යවරිය තමා සමඟ ඡායාරූපයක් ගැනීම සඳහා අයැද සිටි බවත් එම ඡායාරූපය ගැනීමෙන් ඇය සතුටට පත්වන්නට ඇති බවත් ට්‍රම්ප්, ඉතාලි මාධ්‍යයක් සමඟ පැවති සාකච්ඡාවක දී ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් එක්ස් සටහනක් තබමින් ඉතාලි අග්‍රාමාත්‍ය මෙලොනි පවසා ඇත්තේ, තමාවත් ඉතාලියවත් කිසිදු අවස්ථාවක කිසිවෙකුට ආයාචනා නොකරන බවයි. මෙවැනි අපහාසාත්මක ප්‍රකාශ මිත්‍ර පාක්ෂික රටවල් සම්බන්ධයෙන් මෙයට පෙරත් ඇමරිකානු ජනපතිවරයා සිදු කර ඇති බව පවසන ඈ එය කණගාටුදායක බවද අවධාරණය කර තිබේ.

මෙම සිදුවීම මුල් කරගනිමින් ඉතාලි විදේශ කටයුතු අමාත්‍ය ඇන්තෝනියෝ තජානි අමෙරිකාවේ සිදුකිරීමට සැලසුම් කර තිබූ සංචාරය ද අවලංගු කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top