/ Jun 23, 2026

භාණ්ඩාගාරයේ කොල්ලය ගැන හොයන්න අදත් මුදල් කාරක සභාව රැස්වෙයි – භාණ්ඩාගාර ලේකම් සහ මහ බැංකු අධිපතිත් යළි කැඳවලා

මහා භාණ්ඩාගාරය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් සොයාබැලීම සදහා රජයේ මුදල් පිළිබද කාරක සභාව අද (23) යළි රැස්වීමට නියමිත අතර ඊට භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ කැඳවා තිබේ.

මහා භාණ්ඩාගාරයත් මහ බැංකුවත් ඊට අදාළ වාර්තා ලබා දී ඇති අතර එම වාර්තා පිළිබඳ සාකච්ජා කර විෂමතාව සිදුව ඇත්තේ කොතැනද යන්න අනාවරණය කර ගැනීමට නියමිතයි.

ඒ අනුව අද එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 02.00ට රැස්වීමට නියමිතව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top