පෝෂණ මාසය ඉලක්ක කරගනිමින් දරුවන්ගේ යහපත් ආහාර පුරුදු සහ සෞඛ්‍ය සම්පන්නභාවය තහවුරු කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් නව මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
විශේෂයෙන් පෝෂණ සතිය ඇරඹීමත් සමඟ දරුවන් තුළ යහපත් ආහාර රටාවක් වර්ධනය කිරීම වෙනුවෙන් එම මාර්ගෝපදේශ නිකුත් කර ඇති අතර ඒ අනුව අහිතකර මේදය, සීනි,කෘතීම රසකාරක සහ ලුණු සහිත ආහාර ගැනීම තුළ දරුවන්ගේ සෞඛ්‍යයට සිදුවන හානිය එමඟින් පෙන්වා දී තිබේ.
ඒ අනුව පාසල් ආපන ශාලා තුළ අලෙවිය කළ හැකි ආහර සඳහා සීමා පැනවීම සිදුව තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන පරිදි අහිතකර මේදය සහිත හා ට්‍රාන්ස්මේදය අධික ආහාර, සංතෘප්ත මේදය සහ ට්‍රාන්ස්මේදය අධික ආහාර ළමා සෞඛ්‍යයට ඉතාම අහිතකර වෙයි.
හැම්, සොසේජස් බේකන් වැනි පිරි සැකසුම් කළ මස් වර්ග, පැටිස්, පැස්තා, පෆ් වර්ග, රෝල්ස්, සමෝසා, බැදපු අර්තාපල් ඇතුළු ගැඹුරු තෙලේ බැදපු ආහර මෙන්ම චොක්ලට්, ඩෝනට්ස් වැනි අධික ලෙස පිරි සැකසුම් කළ ආහර වර්ග, කෝලා වර්ග, කෘතීම පලතුරු බීම වැනි සීනි අධික ආහාර සහ පැණි බීමද මෙම අහිතකර ආහාර කාණ්ඩයට ඇතුලත් කර ඇත.






