/ Jun 23, 2026

සලේ වෙනුවෙන් පවුලේ අය පාප් වහන්සේටත් ලියයි!

පාස්කු ප්‍රහාරයේ විමර්ශනයන්ට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රන්දවුම්භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ සම්බන්ධයෙන් පවතින මානුෂීය ගැටලු සඳහා මැදිහත්වීම ඉල්ලා ඔහුගේ පවුලේ ඥාතීන් ශුද්ධෝත්තම ලියෝ පාප් වහන්සේ වෙත අද (23) ලිපියක් යොමුකර තිබේ.

ඒ අනුව, ඊට අදාළ ලිපිය ශ්‍රී ලංකාවේ ශුද්ධෝත්තම පියතුමාගේ නියෝජිත අපෝස්තලික නන්සියෝ රදගුරුතුමා වෙත භාරදීම සිදුකර ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා තවදුරටත් එහි ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

සුරේෂ් සලේ පවසා ඇත්තේ තමන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් කුටියට නැවත යා නොහැකි අතර එය නිරයක් බවයි.

කෙසේවෙතත් ඔහු සිය උපවාසය අත්නොහරින බවද ප්‍රකාශ අකර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top