/ Jun 23, 2026

අභියාචනය විසිවෙයි – ඥානසාර හිමිගේ සිර දඬුවම මහාධිකරණය තහවුරු කරයි

බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පනවා තිබූ මාස 09ක සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින් අද (23) තහවුරු කර තිබේ.

2016 වසරේදී ඉස්ලාම් දහමට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදුකරමින් ජාතීන් අතර සංහිඳියාවට බාධා කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේ වැරදිකරු වී සිටි අතර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දී තිබූ මාස 9ක සිරදඬුවමකට එරෙහිව ඉදිරිපත් වූ අභියාචනයක් සලකා බැලූ කොළඹ මහාධිකරණය එම දඬුවම තවදුරටත් නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කළේය.

පොලීසිය විසින් ගොනුකළ මෙම නඩුවේ තීන්දුව මගින් අවධාරණය වන්නේ ආගමික සහජීවනයට හානි වන අයුරින් ක්‍රියා කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top