/ Aug 12, 2026

මාතරදී බිහිසුණු රිය අනතුරක් – බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටිලා!

මාතර තලල්ල මාර්ගයේ වජිර වංශ මාවත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් පුද්ගලයින් 40කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

ගාල්ල සිට අම්පාර දක්වා ධාවනය වූ බස් රථයක් සහ තංගල්ල සිට මාතර දක්වා ධාවනය වූ බස් රථයක් එලෙස මුහුණට මුහුණ ගැටී ඇති අතර අනතුරින් තුවාල ලැබූවන් මාතර සහ බතීගම රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top