සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධ කිරීමේ පළමු සාකච්ඡා වටය පසුගිය සතියේ පැවැත්වුණු අතර එය සාර්ථකව අවසන් වී ඇතැයි දැනගන්නට ඇත. දෙවැනි සාකච්ඡා වටයට කටයුතු සූදානම් වෙමින් ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.
කොල්ලුපිටිය 5 වැනි පටුමගේ හිටපු ජනපති රනිල් වික්රමසිංහගේ නිවසේ පැවැති මෙම සාකච්ඡා සඳහා දෙපාර්ශ්වයේම නායකයෝ සහභාගි වී තිබුණි. කෙසේ වෙතත් මේ වන විට පක්ෂ දෙකෙහිම නායකත්වය මෙම එක්වීම වෙනුවෙන් සුබවාදීව කටයුතු කරන බව දැනගන්නට ඇත.
මෙම සාකච්ඡා අවසානයේදී හිටපු ජනපති රනිල් පවසා ඇත්තේ – මට දැන් අවුරුදු 77ක්. ඔයාලා කරන්න මම බලාගෙන ඉන්නම් – යනුවෙනි. ඒ අතර සජිත් – රනිල් හමුවී කළ පැය එකහමාරක සාකච්ඡාව ද සාර්ථකව අවසන් වී ඇත.
එජාප හිටපු මහලේකම් – දැන් සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායකද හිටපු ජනපති රනිල් වික්රමසිංහ බැහැදැකීමට කොල්ලුපිටිය නිවස වෙත ගොස් තිබුණි.






