/ Jul 01, 2026

බස් ගාස්තු ඉහළට!

බස් ගාස්තු 12%කින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

ඒ අනුව අවම ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 34 දක්වා වැඩි වීමට නියමිතයි.

මෙම ගාස්තු ඉහළ නැංවීම මෙම මස 6වනිදා සිට ක්‍රියාත්මක වන අතර ඒ අනුව සාමාන්‍ය සේවා කිලෝමීටර් 100ට අඩු ගමනාන්ත සඳහා 12%කින් බස් ගාස්තු ඉහළ නැංවෙන අතර කිලෝමීටර්100 හෝ ඊට වැඩි ගමනාන්ත සඳහා 20%කින් බස් ගාස්තු ඉහළ නැංවෙනු ඇත.

එමෙන්ම සුඛෝපභෝගී සේවා සඳහා කිලෝමීටර් 100ට අඩු ගමනාන්ත සඳහා 12%කින් බස් ගාස්තු ඉහළ නැංවෙන අතර කිලෝමීටර් 100ට වැඩි ගමනාන්ත සඳහා 15%කින් බස් ගාස්තු ඉහළ නැංවෙනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top