සූකර ගොවිපොළවල්වලට රක්ෂණයක් හදුන්වා දීමට කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කටයුතු කර තිබේ.
අප්‍රිකානු සූකර උණ වසංගතය හේතු කොටගෙන සූකර කර්මාන්තයට සිදුවූ බිඳ වැටීම නැවත යථාතත්ත්වයට පත් කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති කාර්ය සාධක බළකායේ තීරණය එම රක්ෂණය හදුන්වා දුන් බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහආරච්චි මහතා පවසයි.
හදුන්වා දී තිබෙන සූකර ගොවිපල රක්ෂණය හරහා සතුන්ට යම් හානියක් සිදුවුවහොත් රු. ලක්ෂ 200000ක වන්දියක් ලබා ගැනීමේ හැකියාව පවතින හෙයින් සූකර ගොවිපොළ රක්ෂණය කරන ලෙස සභාපතිවරයා සඳහන් කරයි.
ඉතා සුළු වාරික මුදලක් හරනා සූකර ගොවිපොළ රක්ෂණය කර ගැනීමේ හැකියාව පවතින බව හෙතෙම කියාසිටියි.
පසුගිය කාලයේ ඇති වූ අප්‍රිකානු සූකර උණ වසංගතය භේතුවෙන් සූකර ගොවිපොළවලට විශාල බලපෑමක් සිදු වූ අතර එම බලපෑම ආවරණය කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපිත කළ බවයි සභාපතිවරයා පවසන්නේ.
ඒ අනුව ඕනෑම සූකර සත්ව ව්‍යසනයකදී ගොවියාට සහනයක් සලසා දීම වෙනුවෙන් මෙම රක්ෂණය හදුන්වා දී තිබෙන අතර ව්‍යාපාර මට්ටමින් නඩත්තු කරනු ලබන සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ සූකර ගොවිපළහි අභිජනන සතුන් රක්ෂණයට ලක් කරනු ලබයි.
අප්‍රිකානු සූකර උණ වසංගතය, හදිසි අනතුරු හා වෙනත් සූකර රෝග හේතුවෙන් සිදුවන මරණ සඳහා මෙම රක්ෂණ යෝජනා ක්‍රමය හදුන්වා දී තිබේ.
මෙහිදී රක්ෂණ කාලය තුළ අභිජනන සතුන් සඳහා මාස 06 සිට අවුරුදු 4 1/2 දක්වා වාර්ෂිකව උපරිමය රු.200,000ක රක්ෂිත මුදලකට යටත්ව රක්ෂණාවරණය ලබාගත හැක.
මෙම රක්ෂණ ක්‍රමවේදයට අදාල තොරතුරු ඔබ ප්‍රදේශයේ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාල, පශු වෛද්‍ය නිලධාරී කාර්යාල, සත්ව සංවර්ධන උපදේශක නිලධාරීන් මගින් හෝ අපගේ 1918 ක්ෂණික දුරකථන ඇමතුම් අංකය මගින්ද ලබාගත හැකි බව සභාපතිවරයා තවදුරටත් කියාසිටියි.






