මේ වසරේ ඉදිරි මාස 06 සඳහා ජල ගාස්තුවල සංශෝධනයක් සිදුනොවනු ඇති බව නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ පවසයි.
වසරේ මුල් මාස හය සඳහා ජල පිරිපහදු කටයුතු වෙනුවෙන් මණ්ඩලයට විශාල පිරිවැයක් දැරීමට සිදුනොවු බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
ඒ අනුව ජල ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව අමාත්‍යවරයා කියාසිටියි.
වර්ෂිකව මාස හයකට වරක් ජල ගාස්තු සංශෝධනය සිදුකෙරෙන අතර මේ වසරේ මුල් මාසය 06 සඳහා ද ජල ගාස්තු සංශෝධනයක් සිදුනොකිරීමට රජය පියවර ගෙන තිබුණි.
“අපිට අදහසක් තියෙනවා මේ මාස 6 පිරිවැය කොතරම් වැඩි වුණාද කියන එක ගැන. ප්‍රධාන වශයෙන් තියෙන්නේ 18%ක විදුලිබිල වැඩිවීම විතරයි. ඉන්ධන මිල වැඩිවීම ඇත්තටම ජල පිරිපහදු කටයුතු සඳහා බලපාන්නේ නෑ. විදුලිය වැඩිවීම තමා බලපාන්නේ. නමුත් විදුලිය වැඩිවීම ජල ගාස්තුවේ 12%ක ප්‍රමාණයක් තමා විදුලිබිල තියෙන්නේ. ඒ නිසා 21% ප්‍රමාණය තමා 18%කින් වැඩිවුණේ. ඒක රු 2.50ක් වගේ ප්‍රමාණයක් ජල ඒකකයකට. ඒ නිසා මේ මාස 6 පිරිවැය ඉතා සුළු වශයෙන් බලපාලා තියෙන්නේ. ඒ නිසා බොහෝ වෙලාවට ඉදිරි මාස 6ටත් ජල ගාස්තුව සංශෝධනය නොවන්න තමා ඉඩ තියෙන්නේ.” යනුවෙන් අමාත්‍යවරයා පවසයි.






