/ Jul 03, 2026

යෝෂිතගේ අභියාචන පෙත්සම නිෂ්ප්‍රභා වෙයි!

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවේ අන්තර්ගත “කුමන්ත්‍රණය” නමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය අද (03) නිෂ්ප්‍රභ කළේය.

එම කරුණ අභියෝගයට ලක් කරමින් යෝෂිත රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව එහි තීන්දුව දෙමින් අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top