/ Jul 07, 2026

වගකීම ගත්තට වැඩක් නැහැ. අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න – මන්ත්‍රී රහුමාන්

මීගමුව බන්ධනාගරයේ ගැටුම සම්බන්ධ සිදුවීම ඇති වූයේ විෂයභාර අමාත්‍යවරයා වගකීම පැහැර හැරීමෙන් වන හෙයින් ඔහු ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

සිද්ධිය සම්බන්ධ වගකීම බහර ගන්නා බවට අමාත්‍ය හර්ෂණ නානායක්කාර පැවසුවද අහිමි වූ ජීවිත නැවත ලබා දීමට හැකියාවක් තිබේද යන්න සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා විමසා සිටියි.

“පහුගිය ආණ්ඩු කාලේ මහර බන්ධනාගාරයේ මේ වගේ සිද්ධියක් ඇතිවුණාම වර්තමාන ජනාධිපතිතුමා ඒ පැවති ආණ්ඩුවට තමයි චෝදනා කළේ ඒ ආණ්ඩුව වගකීම භාරගත යුතුයි කියලා. මං හිතන්නෙ අධිකරණ ඇමතිතුමා දැන් පැන්නේ ජනාධිපතිතුමාව බේරාගන්නද කියන ප්‍රශ්නයක් මතුවෙනවා. අධිකරණ ඇමතිවරයා කියනවා දැන් එයා වගකීම භාරගන්නවා කියලා. මොකක්ද එයා භාරගන්න යන්නෙ ? දැන් මේ නැතිවෙච්ච ජීවිත ලබාදෙන්න එතුමාට පුළුවන්ද ? එතුමා භාරගන්න එකේ මොකක්ද අර්ථකථනය ? මොකක්ද එයා භාරගන්න එකෙන් කරන්න යන්නෙ ? ඒකනෙ වැදගත් වෙන්නෙ. භාරගන්න පුළුවන් ඕනෙ කෙනෙක්ට. භාරගත්තායි කියලා වෙච්ච සිදුවීම නිවැරදි වෙන්නෙ නෑනෙ. එයා භාරගන්න නෙවෙයි, කලින් දවසේ රාත්‍රියේ යම් සිදුවීමක් ඇතිවුණාම වහාම ඒක සමනය කරගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න තිබුණා. ඒ ක්‍රියාමාර්ග ගත්තෙ නෑ. ඒ ක්‍රියාමාර්ග ගත්තෙ නැති නිසා තමයි අද මේ තරම් විශාල ජීවිත හානියක් සිද්ධ වෙලා තියෙන්නෙ. ඒ නිසා වගකීම භාර අරගෙන හරියන්නෙ නෑ, එතුමා හරි නම් ඉල්ලා අස්වෙන්න ඕනෙ. ඒකයි එතුමා කළයුතු දේ. මොකද මේ තනතුරේදී එතුමා එතුමාගේ වගකීම පැහැර හැරලා තියෙනවා. ඒ පැහැර හැරීම නිසා එතුමා ඒ තනතුරින් ඉවත් වෙන්න ඕනෙ” යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top