/ Jul 07, 2026

නාමල්ගෙන් සජිත්ට ලියමනක්!

ආණ්ඩුව මේ වන විට කිසිදු පිළිගත හැකි සාධාරණ හේතුවකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරිමට උත්සහ දරන බවත් , විපක්ෂයක් ලෙස එයට එරෙහිව නැගී සිටිය යුතු බව දන්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමු කර තිබේ.

දැනටමත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ආසියානු නීතිඥ සංගමය හා පොදුරාජ්‍ය මණ්ඩළිය නීතිඥ සංගමය සිය අප්‍රසාදය සහ/හෝ විරෝධය පළ කර ඇති තත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍ය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පක්ෂ එකමුතුව මෙයට දැඩි ලෙස විරෝධය පළ කිරීම කල යුතු බව සිය අදහස් බවයි මන්ත්‍රීවරයා එම ලිපියෙන් පවසා ඇත්තේ.

අදාළ ලිපිය පහතින් දැක්වෙයි.

ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා

ශ්‍රී ලංකා පර්ලිමේන්තුවේ විපක්ෂ නායක,

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ.

ගරු විපක්ෂ නායකතුමනි,

2026.07.07

හිතුවක්කාර අයුරින් ඉහළ අධිකරණ විනිසුරුවන්ගේ ධූර කාලය දීර්ඝ කිරීමට උත්සහ දරමින් නීතියේ ආධිපත්‍ය බිද දැමීමට එරෙහිව සමස්ථ ප්‍රජාතන්ත්‍රවාදය අගයන පක්ෂ වල නැගී සිටීමේ අවශ්‍යතාවය.

ආණ්ඩුව මේ වන විට කිසිදු පිළිගත හැකි සාධාරණ හේතුවකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරිමට උත්සහ දරණ බව අපගේ විශ්වාසයයි. මෙම ක්‍රියාව නීතියේ ආධිපත්‍යයට දැඩි බලපෑමක් ඇති කල හැකි තත්වයක් වන අතරම එමඟින් අප මව් ව්බිමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට දැඩි බලපෑමක් එල්ල කිරීමට උත්සහ දරණ බව පෙනී යයි.

දැනටමත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ආසියානු නීතිඥ සංගමය හා පොදුරාජ්‍ය මණ්ඩළිය නීතිඥ සංගමය සිය අප්‍රසාදය සහ/හෝ විරෝධය පල කර ඇති තත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍ය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පක්ෂ එකමුතුව මෙයට දැඩි ලෙස විරෝධය පල කිරීම කල යුතු බව අපගේ අදහස් කරමු.

මේ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා වශයෙන් සියලු ප්‍රජාතන්ත්‍ර වාදය අගයන පක්ෂ මෙම පත්ව ඇති බැරෑරුම් තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා කැදවීමක් කරන මෙන් මෙයින් ඔබතුමන්ගෙන් ඉල්ලා සිටිමි.

තවද මේ සදහා මේ වනතෙක් පාර්ලිමේන්තුව නියෝජනය කල සියලු දේශපාලන පක්ෂ වල නායකවරුන් හා අනෙකුත් සුදුසු යැයි හැගෙන දේශපාලන පක්ෂ නායකයින් කැදවීම සුදුසු බව අපගේ විශ්වාසයයි. මෙම වැදගත් කරුණ සම්බන්ධයෙන් ඔබතුමන්ගේ ඉක්මන් අවධානය යොමු වනු ඇතැයි අපේක්ෂා කරමි.

ස්තූතියි.

මෙයට – විශ්වාසි,

නාමල් රාජපක්ෂ (පා.ම)

ජාතික සංවිධායක

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top