හිර ගෙදර තුළ ආරක්ෂාව තහවුරු කර ගැනීමට බැරි මේ රජය ලක්ෂ 220 ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ජාතික ආරක්ෂාව ගැන සම්පූර්ණ වගකීම ගන්නවා කිව්වද අද එයත් කිරීමට නොහැකි වූ බවත් අධිකරණ ඇමතිවරයා මේ දවස්වල මේවා ගැන හොයනවාට වඩා උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන්න උත්සාහ කරන බවත් උපරිමාධිකරණවල විනිසුරු පුරප්පාඩු රැසක්ද ඇති බවත් මේවා ගැන හොයන නිසා ඇමතිවරයාට තමාගේ වගකීම පවා මතක වී ඇති බවත් දැන්වත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය කියවා ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
බන්ධනාගාර ගත වී සිරගත වී සිටින පුද්ගලයන් රිමාන්ඩ් බාරයේ හෝ සිරකරුවන් ලෙස සිටියත් ඔවුන් සියල්ල සිටින්නේ රාජ්‍ය භාරයේ නිසා මේ සිරකරුවන් හා රැදවියන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් මුලික වගකීම ඇත්තේ ආණ්ඩුවට බව වත්මන් ජනාධිපතිවරයා විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස සිටින විට පැවසූ බවත් පසුගිය දින මීගමුව බන්ධනාගාරය ආශ්‍රිතව සිදු වු ගැටුමෙන් 26කට අධික පිරිසක් මිය ගොස් සියයකට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් මෙහි සම්පූර්ණ වගකීම රජය සතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ කාර්ය අතර බන්ධනාගාර ප්‍රතිසංස්කරණය බන්ධනාගාර තුළ තදබදය අඩු කිරීම සේම පුනරුත්ථාපන කිරීම අයත් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි පරිච්ඡේදයේ මුලික අයිතිවාසිකම්වල අනුව කිසිදු තැනැත්තෙකු වදහිංසාවලට හෝ කෘර අමානුෂික හෝ අවමංසහගත සැලකිල්ලට දඩුවමකට යටත් නොකළ යුතුය යන්න සඳහන් බවයි ඔහු තවදුරටත් පැවසුවේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද (07) පාර්ලිමේන්තුවේ දී මීගමුව බන්ධනාගාරයේ සිදු වු සිදුවීම සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදය අමතමිනි.






