මේ වන විට ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් සිදුව තිබෙන මරණ ගණන 47ක් දක්වා වැඩි වී තිබෙන අතර වාර්තා වී ඇති රෝගීන් ගණන 67,174කි.
ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන පරිදි ජූලි මාසයේ පළමු දින 09 තුළ පමණක් රෝගීන් 10,685ක් වාර්තා වී ඇති අතර, ඊයේ (10) දිනට පමණක් රෝගීන් 1,110ක් පමණ වාර්තා වී තිබේ.
මේ වනවිට ප්‍රධාන රෝහල් කිහිපයකට ධාරිතාවය උපරිමයට ගොස් ඇති බැවින් රෝහල්වල දැඩි පීඩනයක් මෙන්ම තදබදයක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එහෙයින් ඩෙංගු ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා මහජනතාව සිය වගකීම ඉටුකරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කරයි.






