අද දිනයේ (12) මුලතිව්, වවුනියාව, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ මොණරාගල යන දිස්ත්‍රික්ක සඳහා ශරීරයට දැනෙන මට්ටමට එනම් අවධානය යොමු කළ යුතු මට්ටමකට ඉහළ නගින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අතර ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දෛනික කාලගුණ අනාවැකිය සිදු කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සබරගමුව පළාතේ සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් අපේක්ෂා කරන බවය.
බස්නාහිර සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකිය.






