බලයට පත්වූ දිනයේ සිට ජාතික ආරක්ෂාව ඉහළින්ම තහවුරු කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, නාවලපිටිය හා කොත්මලේ අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුව සාමුහිකය ආසන සමුළුවට එක්වෙමිනි.
මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් අවස්ථානුකූලව ඇතිව ඇති නමුත් ඒවා මේ වනවිට සමථයකට පත් කර ඇති බවත් තමන් ඇතුළු කණ්ඩායම සියලු යහපත් කාර්යයන් ව්‍යවස්ථානුකූලව ප්‍රතිපත්තිගරුකව සිදු කරන බවත් ප්‍රකාශ කරයි.
එහෙත් විපක්ෂය සෑම දිනකම ජාතික ජන බලවේගය ආණ්ඩුවේ යහපත් කාර්යයන්වලට විරුද්ධ වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ.






