2007 අංක 07 දරන සමාගම් පනත සහ සමිති ආඥා පනත යටතේ පවතින සමාගම් සහ සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ නංවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ඒ අනුව 2022 ඔක්තෝබර් 25 වනදා පැනවූ ගාස්තු නව ගැසට්ටුව මගින් සංශෝධනය කර ඇත.








