/ Jul 13, 2026

කාලගුණික දේශගුණික විපර්යාස යනු ජාතික ආරක්ෂක ගැටලුවක් – විපක්ෂ නායක

කාලගුණික හා දේශගුණික විපර්යාස පිළිබඳ අවධානය යොමු කළ යුත්තේ ජනතාව වෙනුවෙන් කරන යුතුකමක් හා අත්‍යවශ්‍ය කාරණාවක් නිසා බවත් එය ආර්ථික ස්ථාවරත්වයට සේම ආහාර හා ජල සුරක්ෂිතභාවයට ද වැදගත් බවත් මෙය ජාතික ආරක්ෂාවට ද බලපාන ප්‍රශ්නයක් නිසා පූර්ව අපේක්ෂිත පාලනයක් කරා යාමට විවිධ පාර්ශ්ව සමඟ පොදු එකඟතාවක් කරා යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමිනි. මෙහි සම සභාපතිවරුන් ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මහාචාර්ය අබේවික්‍රම කටයුතු කරනු ලබයි.

සෑම මසකම සති දෙකක් පාර්ලිමේන්තුව රැස්වන නිසා සෑම පාර්ලිමේන්තු සැසිවාරයකම මේ සංසදය එක් දිනක හමුවිය යුතු බවත් මේ කාර්ය තනිපුද්ගල කාර්යක් නොවන බවත් දේශගුණ විද්‍යාඥයන් විද්වතුන් ස්වාධීන උපදේශක කණ්ඩායම් ඇතුළු විවිධ පාර්ශ්ව මෙයට එක්වන බවත් පක්ෂ දේශපාලන භේදයෙන් තොරව මේ සංසදය ක්‍රියාත්මක බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එසේ ම කාලගුණ දේශගුණ විපර්යාස නිසා ගොවින්ට ධීවරයන්ට ව්‍යාපාරිකයන්ට මුහුණ දෙන අභියෝග ගැන තවදුරටත් සාකච්ඡා කළ යුතු බවයි ඔහු පැවසුවේ.

පරිසර කටයුතු දේශගුණික විපර්යාස ගැන පක්ෂ භේදයෙන් තොර ව විද්වත් විද්‍යාත්මක දත්ත හා තොරතුරු කේන්ද්‍රීය ප්‍රතිචාරාත්මක වැඩපිළිවෙළක් කරා යාමක් සිදුවීමට පෙර එනම්, ආපදාවට පෙර සූදානම් විය යුතු ආකාරයේ රටක් නිර්මාණය කිරීම ගැන මෙම සංසදයේ දී මූලික අවදානය යොමු කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

එල්නීනෝ ලානීනා තත්ත්වය ගැන විවිධ අදහස් පළ වූ බවත් මෙවර යල කන්නයට එය එතරම් බලපෑමක් නොවුවත් ඊළඟ කන්නවලට එය බලපාන ආකාරය ගැන මෙහි දී සාකච්ඡා කළ බවත් අපට හුරුපුරුදු නැති කාලගුණ දේශගුණ තත්ත්වයන් ගැන පවා මෙහි දී සාකච්ඡා කළ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අවස්ථාව වෙනුවෙන් මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න,මහාචාර්ය බුද්ධි මාරඹේ, මහාචාර් ඉනෝක කුඩවිදානගේ, ආචාර්ය ඇන්ඩෘ කීට්ල්, රුක්ෂාන් ජයවර්ධන, අංජලී වොට්සන්, දුෂ්‍යන්ත සිල්වා, Spencer Manuelipillai, දිලුම් අලගියවන්න, සේනක චන්දිම අබේරත්න, දැනුමි දර්ශනා ඩි සොයිසා, ආචාර්ය අපරාජිත ආරියදාස, මහාචාර්ය රොෂාන්ක රණසිංහ, ආචාර්ය රොහාන් පල්ලෙවත්ත, කෝරලගමගේ දිලන්ති නදිකා, ජී. ඩී. හේමන්ති ගුණසේකර, හැරල්ඩ් බණ්ඩාරනායකලාගේ රවිදු ඉරේෂ් සහ චදිනි රාමනායක යන දේශීය හා විදේශීය විද්වතුන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් ද එක්වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top