දිවයින පුරා දිස්ත්‍රික්ක 11 ක ඩෙංගු අධිඅවදානම් කලාප 60 ක් ආවරණය කරමින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සම්බන්ධීකරණයෙන් අද (13) සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ආරම්භ කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඒ අනුව මේ වන විට තවදුරටත් ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින අතර වාර්තා වන රෝගීන් ගණන 68,000 ඉක්මවා තිබේ.
ඊයේ (12) දිනය වන විට 68,672ක් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බව සඳහන්.
ඩෙංගු රෝගය හේතුවෙන් මේ වන විට මරණ 47ක් ද සිදුව තිබේ.
මේ දක්වා වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති වසර ලෙස දැක්වෙන්නේ 2017 වසරයි. ඒඅම වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 186,101ක් ලෙස දැක්වෙයි.
ගෙවුණු ජූනි මාසයේදී මෙරටින් ඩෙංගු රෝගීන් 21,538 දෙනෙකු වාර්තා වී තිබුන අතර මේ මාසයේ මුල් දින 10 තුළදී පමණක් ඩෙංගු රෝගීන් 11,764 දෙනෙකු වාර්තා වී තිබේ.
මේ වනවිට දිවයින පුරා නම්කර ඇති ඩෙංගු අධි අවදානම් කලාප ගණන 175කි.
ජාතික ඩෙංගු මර්දන ඒකකය ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සෞඛ්‍ය, ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය සේවයේ දායකත්වයෙන් ඩෙංගු මර්දන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර තිබුණද ජනතාවගේ වගකීම් සහගතභාවය ප්‍රමාණවත් නොවන බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.






