හිටපු අමාත්‍ය එස්.බී. දිසානායගේ සොයුරා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක අත්අඩංගුවට ගෙන ඇත. ඒ මුදල් වංචාවක් සිදු කිරීම සම්බන්ධ චෝදනාවකටයි.
සුරාබදු බලපත්‍රයක් ලබාදෙන බවට පවසා වීරකැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් 27,500,000/ (ලක්ෂ 275ක) මුදලක් වංචාකිරීම සම්බන්ධව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත ලද පැමිණිල්ලක් මත එම කොට්ඨාසයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබුණු අතර ඊයේ (14) උදෑසන හඟුරන්කෙත ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.





