කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගය තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින අතර රෝග ව්‍යාප්තියේ අඩුවක් පෙන්නුම් නොකරන හෙයින් ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කර පරිශ්‍ර පිරිසිදු කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ කොළඹ දිස්ත්‍රික් ශාඛාවේ සභාපති අමිත් කුමාර අවධාරණය කළේය.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 18 කේන්ද්‍ර කරගෙන තවදුරටත් ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක බවයි අමිත් කුමාර මහතා සඳහන් කළේ.
ඩෙංගු මර්දන වැඩසටහන් වලදී මහජන සහය ලැබීම හොද මට්ටමක පැවතියද හිස් ඉඩම් සහ වස දමා ඇති නිවාස සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමුව නොමැති බවයි ඔහු කියා සිටියේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එම ස්ථාන පරීක්ෂා කිරීමට පෙර අදාළ ඉඩම්වල සහ නිවාසවල හිමිකරුවන් එම ස්ථාන පරීක්ෂා කර ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කර පිරිසිදු කරන ලෙස ඉල්ලා සිටියි.
එමෙන්ම නිසිලෙස කසල බැහැර කරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
වහන මදුරුවන් මැරීමට වඩා කළ යුතු වන්නේ මදුරුවන් බෝ වන ස්ථාන පිරිසිදු කිරීම බව හෙතෙම පෙන්වා දෙයි.
මදුරු ඝනත්වය අවම කිරීම මෙන්ම රෝග ව්‍යාප්තිය පාලනය කළ හැක්කේ බෝවීම් පාලනය කිරීමෙන් බව අමිත් කුමාර මහතා තවදුරටත් පැවසුවේය.






