/ Jul 16, 2026

අභිනව නාවික හමුදාපති, අග්‍රාමාත්‍යවරිය හමුවෙයි!

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාපතිවරයා ලෙස පත් වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා අද (16) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

නාවික හමුදාපති ධුරයට පත්වීමෙන් අනතුරුව අභිනව නාවික හමුදාපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමිය අතර සිදු වූ පළමු හමුව මෙය වේ.

ජාතික ආරක්ෂාව සහ සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉටුකරන කාර්යභාරය, රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම මෙන්ම ජාතික අභිවෘද්ධිය සඳහා වන සහයෝගීතාව පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කර ගැනුණි.

මෙහිදී අභිනව නාවික හමුදාපතිවරයා වෙත සිය සුබපැතුම් එක් කළ අග්‍රාමාත්‍යතුමිය , ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සීමා ආරක්ෂා කිරීම, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ මහජනතාවගේ සුබසාධනය වෙනුවෙන් නාවික හමුදාව ඉටු කරන සුවිශේෂී මෙහෙවර අගය කළ අතර, නව ධුරයේ රාජකාරි සාර්ථකව ඉටු කිරීමට සිය සුබපැතුම් එක් කළාය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාද එක්ව සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top