ශ්‍රී ලංකා ජාතික යොවුන් පෙරමුණ විසින් ඊයේ (15) දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හිදී තරුණයින් කේන්ද්‍ර කරගත් අන්තර්ක්‍රියාකාරී උත්සවයක් වන Read with Ranil “රනිල් සමඟ කියවන්න” වැඩසටහන පැවැත්විය.
එහිදී පොත්පත්, නායකත්වය, පෞද්ගලික අත්දැකීම් සහ සමකාලීන ගැටළු සාකච්ඡා කිරීම සඳහා වයස අවුරුදු 40 ට අඩු තරුණ ශ්‍රී ලාංකිකයන් එක්රැස් වී තිබුණි.
සමාජය හැඩගස්වන කරුණු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට සහ ඉදිරි දර්ශන ගවේෂණය කිරීමට තරුණයින්ට වේදිකාවක් සැපයීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ.






