හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවස්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා අද (17) නැවත අධිකරණය වෙත රැගෙන විත් තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් හරක්කටා නැමැත්තාගේ බිරිඳගෙන් සැකකරුවන් රුපියල් ලක්ෂ 1,200ක අල්ලසක් ලබා ගත් බවට ලද චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද අතර ඇප ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් සාධාරණ කරුණු ඉදිරිපත් නොවීම මත ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත විය.
ඒ අනුව යළි අද ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.






