හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ සහ සිවිල් ගුවස්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
සැකකරුවන් අද (17) පෙරවරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව සැකකරුවන් තිදෙනා එළැඹෙන 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් හරක්කටා නැමැත්තාගේ බිරිඳගෙන් සැකකරුවන් රුපියල් ලක්ෂ 1,200ක අල්ලසක් ලබා ගත් බවට ලද චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ඔවුන් අත්අඩංගුවට ගැනුණි.






