/ Jul 17, 2026

ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය පිහිටුවීමට රටවල් 29 ක් ගිවිසුම්ගත වෙයි!

ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය (World Artificial Intelligence Cooperation Organization – WAICO) පිහිටුවීම සඳහා වන ගිවිසුමකට රටවල් 29 ක් අත්සන් තබා ඇත.

ඊයේ(16) ශංහයිහිදී අත්සන් තැබුණු එම ගිවිසුමට අනුව, මෙම සංවිධානය ශංහයි නගරය මූලස්ථානය කරගත් ස්වාධීන අන්තර් රාජ්‍ය ජාත්‍යන්තර සංවිධානයක් ලෙස එය ක්‍රියාත්මක වෙයි.

කසකස්ථානය, ලාඕසය, පාකිස්ථානය, රුසියාව සහ ඉන්දුනීසියාව ඇතුළු රටවල් 29ක නියෝජිතයින් මෙම ගිවිසුමට අත්සන් තැබූ අතර, ඒ සමගම එම රටවල් ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානයේ ආරම්භක සාමාජිකයින් බවට පත් වෙයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ගිවිසුමට අනුව, මෙම සංවිධානය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සුරක්ෂිත කරන අතර, පොදු ප්‍රතිලාභ වෙනුවෙන් පුළුල් උපදේශන සහ ඒකාබද්ධ දායකත්වයන් ලබා දීම සඳහා කැපවෙමින් ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයකට අනුගත වීම සහතික කර තිබේ.

කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ජාත්‍යන්තර සහයෝගීතාව සහ ගෝලීය පාලනය ප්‍රවර්ධනය මෙහි අරමුණ වන අතර, ආරක්ෂිත සහ සාධාරණ බව සහතික කරමින්, සමස්ත මානව වර්ගයාගේම යහපත උදෙසා කෘත්‍රිම බුද්ධියේ යහපත් සහ ක්‍රමානුකූල සංවර්ධනය ඵලදායී ලෙසින් දියුණු කිරීම මෙහි අපේක්ෂාවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top